Connect with us

පුවත්

ඉලංගෙයි තමිල් අරසුකච්චිහි කමිටුවක් හදිසියේ රැස්වෙයි

Published

on

ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි කමිටුව හෙට (10) රැස්වීමට නියමිතව තිබේ.

ඒ, පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් මහතාගේ කාර්යාලයේදීය.

පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, සී.වී.කේ සිවඥානම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ සුමන්දිරන් සහ පී. සත්‍යලිංගම් යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්ය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ, ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුවය.

හෙට දින රැස්වන අදාළ කමිටුවේ යෝජනා ලබන 14 වැනිදා රැස්වන පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට නියමිතය.

ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු කච්චි මේ වනවිට ගෙන ඇති තීරණය වෙනස්වීමට ඉඩ ඇති බවට, උතුරු- නැගෙනහිර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ට්විටර් සටහනක් තබමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ, 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවය.

සැප්තැම්බර් මස පළමුවැනිදා සඳහන් කළ පරිදි අදාළ තීරණය පක්ෂයේ සෑම සාමාජිකයෙකුගේම ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යාකූලත්වයක් ඇති නොකරගන්නා ලෙසට එම්.ඒ. සුමන්දිරන් මහතා අවධාරණය කළේය.

මේ අතර දෙමළ ජාතිකවාදී ස්ථාවරය අනුව පොදු දෙමළ අපේක්ෂකයා වන පී. අරියනේන්ද්‍රන් මහතා හට සහාය පළ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියේය.

ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයා හට සහාය පළ කරන බව ඔහු අවධාරණය කළේය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved