බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.
එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.