බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි.
කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.
එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කළේය.
පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවය.
පරාටේ නීතිය ක්‍රියාත්මක වී අද සිට ව්‍යාවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපොළ වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසකගේ දේපොළ වෙන්දේසිවීමට නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා ඊයේ (30) මේ අදහස් දැක්වීය.
රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බව හෙතෙම පෙන්වා දෙයි.
මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියාත්මක කර ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපොළ හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්රයෙන් දළ දේශීය නිෂ්පාදනයට වෙන දායකත්වය අඩු වෙන බවට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය ඍජුවම ආර්ථික වර්ධනයට බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත්