නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ ජලජ ජීවීන් තොගයක් සමඟ කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව බලපත්‍ර නොමැතිව මෙම ජලජ ජීවීන් මෙරටට රැගෙනවිත් තිබේ.
සැකකරුවන් තිදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරයේ යෙදෙන අය බව පැවසේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රතු කන් ඉබ්බන්, ඇළි රතු කන් ඉබ්බන්, රතු වළිග මගුරන්, ඇළි කිඹුල් මත්ස්‍යයන්, විවිධ වර්ගවල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන් විශාල ප්‍රමාණයක්ද වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති රතු කන් ඉබ්බන් දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත් එසේම රතු වළිග මගුරන්ද එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
මේ පිළිබද රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තය බලා ප්‍රතිඅපනයනය කිරීම සඳහා භාර දීමට නියමිතය.