පුවත්

උත්සව සමයේ කෑම මිලදී ගන්නා විට පරිස්සමින්

Published

on

උත්සව සමය ඉලක්ක කර ගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වීමට ආසන්න ආහාර වර්ග කූඨ ව්‍යාපාරිකයන් විසින් වෙළඳපොළට මුදා හැරීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඒ අනුව, උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දැනුම් දෙයි.

මේ අතර, උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සඳහා අනියුක්ත කර තිබෙ.

Trending

Exit mobile version