Connect with us

පුවත්

උත්සව සමයේ පාසල් උපකරණ 10%කින් ඉහළට

Published

on

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ.

ඉන්ධන මිලද ඉහළ යාම මත සමාගම් පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමාගම් කිහිපයක නියෝජිතයෝ පැවසූහ. සිය නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවතින හෙයින් ඉන්ධන මිල වැඩි වීම ඒ කෙරෙහි බරපතළ ලෙස බලපාන බව ද පවතින තත්ත්වය මත මිල වැඩි කිරීමකින් තොරව සමාගම් පවත්වාගෙන යා හැකි වන්නේ අලාභ ලබමින් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.

නව වසර සඳහා රජයේ පාසල්වල පළමු පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස මැද දී වුවත් උත්සව සමයේ දී පාසල් පොත් ඇතුළු උපකරණ මිලදී ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව ඇති වන ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදන සමාගම් දැන් සිටම සූදානම් වෙමින් සිටියි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් අභ්‍යාස පොත් මුද්‍රණය කර අඩු මිලට ලබාදීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම වසර මුල දී ගත් උත්සාහය එතරම් සාර්ථක නොවිණි. ඇති වන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට මුද්‍රණ නීතිගත සංස්ථාවට නොහැකි වීම ඊට හේතු විය.

(අරුණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved