Connect with us

පුවත්

උතුරේ කිරි ලීටර් පනස්දහසක් වතුරේ

Published

on

සවස් කාලයේදී කිරි එකතු කිරීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා දෛනිකව උතුරු පළාතේ පමණක් කිරි ලීටර් පනස් දහසක් නාස්තිවන බව වාර්තා වේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඉකුත් වසරේදී (2023) කරන ලද පර්යේෂණ එළි දැක්වීම සඳහා එහි ශ්‍රවණාගාරයේ ඊයේ (03) පැවැති වැඩසටහනක දී මෙම තොරතුරු අනාවරණය විය.

මෙරට දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 11ක් වූවත්, රටේ නිෂ්පාදනය කෙරෙන්නේ ලීටර් ලක්ෂ පහකටත් වඩා අඩු ප්‍රමාණයක් බවද මෙහිදී හෙළිවිය. 

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාලනය වන මිල්කෝ සමාගම මාසයකට රුපියල් මිලියන 117ක පාඩුවක් ලබන බවත්, මිල්කෝ ආයතනයේ දෛනික කිරි නිෂ්පාදන ධාරිතාවය ලීටර් 470,000ක් වූවත්, වර්තමානයේදී ආයතනයට දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය ලීටර් 60,000 ක් දක්වා අඩුවී ඇතැයිද අනාවරණය වේ.

මිල්කෝ ආයතනය ඉන්දු – ලංකා හවුල්කාර සමාගමකින් මිලදී ගැනීමට අදාළව මේ දිනවල කටයුතු කෙරෙන බවත්, ඊට අදාළ ඇස්තමේන්තු සඳහා රුපියල් මිලියන 120ක මුදලක් වැයකර ඇතැයි ද පැවැසේ. 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ගොවිපොළ 32න් ලාභ ලබන එකදු ගොවිපොළක්වත් නොමැති බවත්, දේශීය සමාගමක් විසින් මණ්ඩලයේ එක ගොවිපොළක් පමණක් බද්දට ලබාගැනීමට ඉල්ලුම්කර ඇතැයිද අනාවරණය වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved