අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජනවාරි 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනුනු ඔහු, අද (10) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණි.
(පෙර පුවත 2024 ජනවාරි 10 ප. ව 01:47)
උදයංග අත්අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ.
අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනුනු ඔහු, අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.