Connect with us

පුවත්

උපකාරක පන්ති නියාමනයක්?

Published

on

ලංකාවේ උපකාරක පංති කර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ඔහු පවසන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවය.

“අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත් 10,11 යන පන්තිවල හා 12,13 යන පන්තිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වෙනවා. මෙහි සමස්ත වෙළෙඳ පොළ වටිනාකම බලද්දි වාර්ෂිකව රුපියල් බිලියන 200ක විතර මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙනවා. මේ උපකාරක පන්ති නියාමනයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නෑ. උපකාරක පන්ති නියාමනයක් සිදුකර බදු දැලට යටත්වීමක් සිදුවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් මේ වෙලාවේ අවශ්‍යයි. නොමැති නම් පාසල් අධ්‍යාපනය බිඳවැටී උපකාරක පන්තිවල ගොඳුරක් බවට පාසල් අධ්‍යාපනය පත්විය හැකියි.”

අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී මෙම උපකාරක පංති නියාමනය කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා  පෙන්වා දෙයි.

එහිදී විශේෂයෙන්ම පවතින තත්ත්වය ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකර දෙමාපියන් උපකාරක පන්ති වෙනුවෙන් දරන වියදම පිළිබඳ නිසි අවබෝධයක් මෙන්ම දරුවන් උපකාරක පන්තිවලට සහභාගී වෙන්නේ ඇයි ද යන කාරණා පිළිබඳ සොයාබැලිය යුතු බව ද වසන්ත අතුකෝරල මහතා පැවසීය.

මුදල් ඉපයීම මූලික අරමුණ කරගනිමින් අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයින් උපකාරක පංති පැවැත්වීම අපරාධයක් බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

“අදාළ විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවලට ඇවිත් උගන්වන තත්ත්වයට පත්වෙලා. ඒ අයගේ සුදුසුකම් යම් ආකාරයට සොයාබැලිය යුතුයි. යම් නියාමනයක් සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පෞද්ගලික අධ්‍යාපනයත් ඇතුළත් විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් අපට හැකියාව ලැබෙන්නේ නෑ රටේ උපකාරක පන්ති ක්‍රියාවලියේ වෙනසක් වෙයි කියලා. මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොහේ හරි ලියාපදිංචි විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන ලොකු කාර්යභාරයක් තියෙනවා.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved