උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පවත්වන සාකච්ඡාවකින් පසුව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා කියයි.
ඇගයීම්වලට සම්බන්ධ වීමට පෙර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බව සම්මේලනයේ විධායක සභාව තීරණය කළ බවත් ජනාධිපතිවරයා අද (26) සාකච්ඡාවක් ලබා දුනහොත් හෙට (27) සිට වුවද ඇගයීම් සඳහා සහභාගි වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
සම්මේලනයේ විධායක සභාව කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.