පුවත්

උ/පෙළ පෙළ නැවත සම්ක්ෂණයට අයැදුම්කිරීම් අද සිට

Published

on

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට ලබන 16 වන දින දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන පරිදී විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම් කිරීමේ හැකියාව පවතින බවය.

එසේම මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ලබන 11 වනදා සිට 16 වනදා දක්වා අයදුම්කිරීමට අවස්ථාව හිමි වේ.

Trending

Exit mobile version