පුවත්

ඌරන් අතර වසංගත රෝගයක්!

Published

on

දිවයින පුරා ඌරන් අතර, වසංගත රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය කියා සිටී.

 පී.ආර්.ආර්.එස්. නමැති රෝගය මෙලෙස ව්‍යාප්ත වන බව එහි සභාපති කුලරාජ් පෙරේරා අද (27) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

බස්නාහිර පළාතේ මෙන්ම, යාපනය, කළුතර, මාතලේ, වහකෝට්ටේ, ගලේවෙල ආදී ප්‍රදේශ රැසකින් මෙම රෝගය සහිත ඌරන් වාර්තා වී ඇති බවද පැවසේ.

මෙම රෝගය ව්‍යාප්ත වීමට මූලික හේතුව ලෙස කුලරාජ් මහතා පෙන්වා දෙන්නේ ඌරු ගොවිපලවල් හිමියන් විසින් අදාළ සත්ත්වයන්ට එන්නත් ලබා නොදීම බවයි. 

පෙනහළු ආසාදනය වීම තුලින් මෙම ඌරන් විජලන තත්ත්වයට පත්වී අධික නියුමෝනියා තත්ත්වයෙන් මියයන බව ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර, මෙම රෝගය මෙරටින් පළමුවරට වාර්තාවී ඇත්තේ  2020 වර්ෂයේ දී බවත්, වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත්  ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගම් අභ්‍යනතර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

Trending

Exit mobile version