මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලබන 23 වනදා සිට මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ලබන 23 වන දා සිට 26 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.
මෙම සංචාරය අතරතුර දී මහ කොමසාරිස්වරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතය.
එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් සමාජ නියෝජිතයන් ,රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මහකොමසාරිස්වරයා මහනුවර දළදා මාළිගාවට ද ගමන් කිරීමට නියමිතය.
එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂිතය.
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින් මානව හිමිකම් සහ සංහිදියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම කෙරෙහි මෙම සංචාරය අතරතුර දි වැඩි අවධානයක් යොමුවනු ඇත.