පුවත්

එකම අපේක්ෂකයෙක් පක්ෂ දෙකකින් ඉදිරිපත් වෙලා

Published

on

යටියන්තොට ප්‍රාදේශීය සභාවට එකම අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා ජන අරගල සන්ධානයෙන් මෙවර ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

මෙම අපේක්ෂකයා ඉදිරිපත්ව සිටින්නේ යටියන්තොට අමනාවල කොට්ඨාසයෙනි. 

අනුර හෙවත් සමන්ත නමැති මෙම අපේක්ෂකයා පක්ෂ දෙකෙන් ම ඉදිරිපත්ව සිටින බව තහවුරු වී ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කියා සිටී.

ඔහු සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ නම් කලින් ඉවත් කිරීමට හැකිව තිබූ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කියා සිටී.

කෙසේ වුව ද කුමන පක්ෂයකින් හෝ ඔහු ජයග්‍රහණය කළහොත් ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ නීතිය ඉදිරියේ අභියෝග කළහොත් අපේක්ෂකත්වය අවලංගු වන බවත් හෙතෙම සඳහන් කළේය.

Trending

Exit mobile version