පුවත්

එක්සත් ජනරජ පෙරමුණත් සීසීකඩ යයි!

Published

on


විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එක්සත් ජනරජ පෙරමුණ සාමාජිකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සමගි ජන බලවේග සන්ධානයෙන් ඉවත්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජනරජ පෙරමුණ, දේශපාලන මණ්ඩලය පසුගිය 10 වෙනිදා ගත් තීරණයට විරෝධය පළකරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා, එදිනම (10) සවස සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම පෙරමුණේ මහ ලේකම් කේ. ඒ. බන්දුල චන්ද්‍රසේකර මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක, ඉංජිනේරු සම්පත් සුමේධ පුජිත රත්නායක මහතා ද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරෝධය පළකරමින්, සමගි ජන බලවේගය සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්ව තිබේ.

එසේම, එක්සත් ජනරජ පෙරමුණ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වූ හිටපු පළාත් සභා අමාත්‍ය ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව සිටියි.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙන්න

Trending

Exit mobile version