පුවත්

එක්සත් රාජධානියේ මැතිවරණ ගණනය කිරීම් තවදුරටත්

Published

on

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නිල නොලත් ආරංචි මාර්ග අනුව ශ්‍රීමත් කීර් ස්ටාමර්ගේ (Keir Starmer) මධ්‍ය-වාම පක්ෂය අතිවිශාල බහුතරයකින් නැවත බලයට පත් වනු ඇත.

ඒ වත්මන් අගමැති රිෂී සුනක් (Rishi Sunak) නියෝජනය කළ කොන්සර්වේටිව්වරුන් යටතේ වසර 14 ක් පැවති දක්ෂිනාංශික ආණ්ඩුව පරාජයට පත් කරමිනි.

ඒ අනුව 2015 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ප්‍රධාන මානව හිමිකම් නීතිවේදියෙකු වන ස්ටාර්මර් එක්සත් රාජධානියේ නව අගමැති බවට පත්වනු ඇත.

මේ අතර වත්මන් අගමැති රිෂි සුනක්, සියවසකට වැඩි කාලයක් තුළ කොන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ නරකම ඡන්ද ප්‍රතිඵලය කරා රැගෙන ගිය නායකයා බවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ ඡන්ද ගණන් කිරීමේ දිගු රාත්‍රියක් පහන් කරමින් ඇති අතර, සිදුවන්නේ කුමක්ද සහ එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ලොව පුරා මාධ්‍ය විශාල අවධානයකින් සිටිති.

Trending

Exit mobile version