එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇතැයි ද ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01දා සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද එම අංශයේ නිවේදනයක දැක්වේ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇතැයි ද එහි වැඩිදුරටත් දැක්වේ.
2021 මැයි 20දා සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය. අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25ක්, ඉන්ධන ටොන් 348ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතා කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට බිලියන 75ක් සහිත කන්ටේනර් 1,488ක් එම නෞකාවේ රැගෙන යමින් තිබිණ.
එතැන් සිට මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවේ සංවේදී වෙරළබඩ පරිසරයට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර සාගර ජීවීන් විශේෂ විශාල ප්‍රමාණයක විනාශයට හේතු විය.