එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි 26දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.
සමගි ජනබලවේග පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ගොනු කළ එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ සලකා බැලීම මීළඟ නඩු දිනයේ සිදුකරන බව අධිකරණය දැනුම් දී තිබේ.