පුවත්

එක අනුර, දෙක සජිත්, තුන රනිල් පක්ෂ කාර්යාලවලින්

Published

on

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතුරින් පක්ෂ කාර්යාල වැඩිම සංඛ්‍යාවක් පිහිටුවා ඇත්තේ ජාතික ජනබලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානයට ලැබී ඇති වාර්තා අනුව ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් රට පුරා පක්ෂ කාර්යාල 4980 ක් පිහිටුවා ඇත. 

එමෙන්ම ජනාධිපතිධුර අපේක්ෂිත රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රට පුරා පක්ෂ කාර්යාල 1013 ක් සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රට පුරා පක්ෂ කාර්යාල 3872ක් පිහිටුවා ඇතැයි පොලිස් මූලස්ථානයට ලැබී ඇති වාර්තාවල සඳහන් වෙයි.

ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා වෙනුවෙන් පක්ෂ කාර්යාල දසදහසකට ආසන්න ප්‍රමාණයක් රට පුරා ඉදිකර ඇත. 

ඉන් පක්ෂ කාර්යාල වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇත්තේ බස්නාහිර පළාතේය. 

මීළඟට පක්ෂ වැඩි කාර්යාල සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ දකුණු පළාතේ හා වයඹ පළාතේය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version