Connect with us

පුවත්

එජාප ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට ඇරඹේ

Published

on

එක්සත් ජාතික පක්ෂය 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

එජාප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වනවිට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවත් එම පිරිස අතර බහුතරයක් වෘත්තිකයන් ද වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසන්නේ විනයගරුක පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන්, දිස්ත්‍රික් කළමනාකරුවන් සහ ආසන කළමනාකරුවන් පත්කර ගැනීමේදී උගත් බුද්ධිමත් තරුණ පිරිස වෙත වැඩි අවධානයක් ලබාදෙන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්වරයා මෙසේද පැවසීය :

” එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක, දිස්ත්‍රික් කළමනාකරු, ආසන කළමනාකරු යන ධූර සඳහා අයදුම්පත්‍ර දහසකට වඩා ලැබී තිබෙනවා. ,ඒ සියලු අයදුම්පත්‍ර සලකා බැලීම සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 8 කින් සමන්විත සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ආසන සංවිධායක වරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන කළමනාකරුවන් බඳවා ගැනීම යුහුසුළු කිරීමට කටයුතු කරනවා.”

“ඊට අමතරව තවත් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය ඉන්නවා නම් දෙසම්බර්මාසය තුළ එම අයදුම්පත්‍ර යොමුකිරීමට අවස්ථාව තිබෙනවා.”

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved