Connect with us

පුවත්

එල්ලුම්ගස් ගිය විත්තිකරුවෙක් අභියාචනයෙන් නිදහස්

Published

on

හෙරොයින් ග්‍රෑම්11.54ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු වී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ විත්තිකරුවෙකු එම චෝදනාවලින් නි‍දොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (11) නියෝග කලේය.

සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ දින කැඳවන ලදී.

විත්තිකාර අභියාචනයට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ එම නඩුවේ සාක්ෂි විභාගයේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති පරිදි සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය අහිමිකර ඇති බවත් පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවත් නිගමනය කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විත්තිකරුව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කලේය.

ඒ අනුව, මහාධිකරණය විසින් 2020.03.05 වන දින නිකුත් කර තිබූ තීන්දු ප්‍රකාශය ද අභියාචනාධිකරණය විසින් බල රහිත කර තිබේ.

ඉකුත් 2013 අප්‍රේල් මස 18 වන දා බොරැල්ල සර්පන්ටයින් පාරේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග ඩී. එම්. වසන්ත කුමාරය යන විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලේ සඳහන්ය .

ලද රහසිගත තොරතුරක් අනුව එම විත්තිකරු ඔහුගේ නිවස පිහිටි මාර්ගය අසල සිටියදී එම පොලිස් නිලධාරීන් විසින් විත්තිකරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු හැඳ සිටි කලිසම් සාක්කුවක තිබී රුපියල් තුන් ලක්ෂ දාහත්දහසක මුදලක් සොයාගෙන ඇති බවත් පසුව ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරියට අයත් රන් ආභරණ හා රුපියල් දෙලක්ෂ අනූහත් දහසක මුදලක් අල්මාරියක තිබී සොයා ගැනීම නිසා ඇයව ද අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් පසුව එම මුදල් හා රන් භාණ්ඩ සමග මුදාහැර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබුණි.

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

පුවත්

ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල

Published

on

By

ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේදී තානාපතිවරයා ඒ බව පවසා තිබුණි.

ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවය.

එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවය.

නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කලේය.

දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බව තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණි.

ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved