පුවත්

එළිමහන් සංගීත ප්‍රසංග සීමා සංශෝධනයට රජයේ අවධානය

Published

on

මහජන පීඩාවන් ඇති නොවන පරිදි එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ දැනට පවතින සීමා සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ (24) සංස්කෘතික අමාත්‍යාංශයේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානතත්වයෙන් පවත්වා තිබේ.

එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාලසීමාව දීර්ඝ කරගැනීම, ක්‍රීඩාංගණ වෙන් කරගැනීම හා ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇතිවන ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අයකිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර ඇති බව සඳහන් වේ.

විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයන්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු යෝජනා රැසක් එළිමහන් සංගීත ප්‍රසංග කලාකරුවන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් කටයුතු කරන බවය.

Trending

Exit mobile version