ඕස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කළ 29 හැවිරිදි වියේ පසුවන ජූඩ් විජේසිංහ නමැත්තෙකි.
එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ තියුණු ආයුධයකින් පහරදීමෙන් අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවත්, සැකකරු තමන්ටම තුවාල සිදුකරගෙන ඇති බවත්ය.
ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියි.
ඝාතන චෝදනා එල්ල වී ඇති ඔහුට, ඇප ප්‍රතික්ෂේප වී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි භූතාන් ජාතික කාන්තාවකි. ඇගේ සිරුර අද දින එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ හමුවී ඇත. ඝාතනයට භාවිත කළ බවට සැක කරන පිහියක්ද මේ වනවිට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
මේ අතර අදාළ සිදුවීමත් සමග කැන්බරා සත්වෝද්‍යානයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.