Connect with us

පුවත්

ඕස්ට්‍රේලියාවේ ඝාතනයකට ලාංකිකයෙකු අත්අඩංගුවට

Published

on

ඕස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කළ 29 හැවිරිදි වියේ පසුවන ජූඩ් විජේසිංහ නමැත්තෙකි.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ තියුණු ආයුධයකින් පහරදීමෙන් අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවත්, සැකකරු තමන්ටම තුවාල සිදුකරගෙන ඇති බවත්ය.

ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියි. 

ඝාතන චෝදනා එල්ල වී ඇති ඔහුට, ඇප ප්‍රතික්ෂේප වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි භූතාන් ජාතික කාන්තාවකි. ඇගේ සිරුර අද දින එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ හමුවී ඇත. ඝාතනයට භාවිත කළ බවට සැක කරන පිහියක්ද මේ වනවිට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

මේ අතර අදාළ සිදුවීමත් සමග කැන්බරා සත්වෝද්‍යානයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved