පුවත්

කංජිපානි දේශබන්දු ඝාතනයට ඉවඅල්ලන බව පොලිසිය කියයි

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන කංජීපානි ඉම්රාන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සූදානමකින් පසුවන බව පොලිසිය විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (30) පස්වරුවේ පොලිස්පති දේශබන්දු මහතාගේ නිවසට ගොස් ඒ බව දැනුම් දී ඇතැයි පැවසේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත්කර ඇති අතර ඇප ලබාදීමෙන් අනතුරුව තවමත් ආරක්ෂාව සපයා දී නැති බවද වාර්තා වේ.

මේ තත්ත්වය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය – theleader.lk

Trending

Exit mobile version