පුවත්

කටුනායකින් ඇරඹූ සුපිරි බස් රථ සේවාව ගැන පැමිණිල්ලක්

Published

on

කටුනායක ගුවන් තොටුපළෙන් පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව වහාඅත්හිටුවන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරයි.

එම සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පවසනේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම නීති විරෝධී වන බවය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවසරයකින් තොරව මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් පසුගියදා (15) ආරම්භ කලේය.

මෙම නව බස් සේවාව ආරම්භ කර තිබුණේ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධවවයි.

Trending

Exit mobile version