පුවත්

කටුනායකින් හසුවූ ලක්ෂ 60 ක විද්‍යුත් දුම්වැටි

Published

on

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ඊයේ (12) දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් කාන්තාව පිළියන්දල, නාම්පමුණුව ප්‍රදේශයේ පදිංචි , සංචාරක නියෝජිතවරියක ලෙස කටයුතු කරන 32 හැවිරිදි කාන්තාවකි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ , මෙම විද්‍යුත් දුම්වැටි 455 පමණක්ම තිබීම විශේෂත්වයකි .

මෙම විද්‍යුත් දුම්වැටි තොගය සමග ඒවා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගී කාන්තාව  අද (13) වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක නයිකන්ද රේගු නිවාරණ අංශ කාර්යාලයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

Trending

Exit mobile version