පුවත්

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

Published

on

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඹුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සඳහන් කළේ, ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සඳහා දිනකට ගමන්වාර 10ක් මේ හරහා ක්‍රියාත්මක බවය.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඹුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අයකරන ගාස්තුව රුපියල් 450කි.

Trending

Exit mobile version