වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ගුවන්තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් 3,000ක පමණ පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වී සිටි බව වාර්තා වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමිවී තිබුණේ 2018 වසරේදී බව ඔවුන් පවසයි.
එමෙන්ම ඔවුන් ඉල්ලා සිටින්නේ සියලුම වැටුප් තලවල ගුවන්තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000/-ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසය.
මෙම සේවක විරෝධතාවය නිසා ගුවන් ගමන්වලට හෝ ගුවන්තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදුවී නොමැති බව ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.