අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර ගැනීම සිදුවිය.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත ඔහු මෙලෙස මුදාහැර ඇත.
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඒ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.
……………………….
(පෙර පුවත 2024 මැයි 29, ප.ව. 1:42)
කථිකාචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය පුන්සර අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සිදු කළ ප්‍රකාශයක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති බවද සඳහන්ය.