පුවත්

කන්ටේනර් නිදහස් කිරීම ගැන රේගුවෙන් නිවේදනයක්

Published

on

ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (29) පස්වරුවේ නිකුත් කර තිබේ.

කරුණු 8කින් යුත් මෙම නිවේදනයේ භාණ්ඩ නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන ක්‍රමවේදය, පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වූ කරුණු ද එහි ඇතුළත් කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහත සඳහන් බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බවයි.

තවද අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවතින බවත් එම නිවේදනයෙන් දැක්වේ.

මෙම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය :

Trending

Exit mobile version