පුවත්

කන්දකාඩුවෙන් රැඳෙවියන් 4ක් පලායයි

Published

on

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් සිව්දෙනකු අද (25) අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස පලාගොස් ඇත්තේ, ගාල්ල පෝද්දල, අක්මීන, මුලතිව්, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29ත් 34 යන වයස්වල පසුවන්නන් වේ.

පැනගොස් සිටින සිව්දෙනාම විවාහක පුද්ගලයන් වන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, පොලිස් ස්ථාන කිහිපයකට ඒ පිළිබඳ පණිවිඩ ලබාදී ඇති බවත් වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

ඔවුන් පලායාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඳවියන් ආහාර ගැටළු හා පහසුකම් ප්‍රමාණවත් නොවන බව මුල්කර ගනිමින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෙබළුන් සමග ගැටුම් ඇති කරගෙන පලාගිය අවස්ථා කීපයක්ම වාර්තා වී තිබුණි.

Trending

Exit mobile version