කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7ක් සහ 8ක් වයසැති සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරු තිදෙනා ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි. මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටියදී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පිරිමි දරු දෙදෙනා කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බව පොලිසිය කීය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධ නිලධාරිනිය පොලීසියට කළ දැනුම්දීමක් මත මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්. කේ. රමනි මහත්මිය විසින් දරු තිදෙනා ඔවුන් බාරයට ගෙන මව රෝහල් ගත කිරීමට කටයුතු කළ පොලිසිය සඳහන් කළේය.
අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(ලංකාදීප)