Connect with us

පුවත්

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Published

on

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ඊයේ (29)  කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කලේය.

ශ්‍රී ලංකා රජයට අයත් මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් අහිමි කිරීම සම්බන්ධ නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

ඒ අනුව, ඔහුට එරෙහිව පනවා තිබූ  විදේශ ගමන් තහනම ලබන ජුනි මස 07 වනදා සිට ජූලි මස 07වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට ඒ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අවසර ලබා දීම සිදුවිය.

එංගලන්තයේ සිදු කිරීමට නියමිත හෘද රෝග පරීක්ෂාවක් සඳහා මෙලෙස අවසර ලබා දුනි.

අජිත් නිවාඩ් කබ්රාල් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර නැති බව කියමින් විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් මෙහිදී ඉල්ලීමක් කලේය.

කෙසේවෙතත්, සැකකරුවෙක් ලෙස නම් කර නැතත් සිදු කරන විමර්ශනවලට බාධා විය හැකි බව පවසමින්  මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

විමර්ශන අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙක් ලෙස නම් කළ හැකි බවත් විදේශ ගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බවත් කියමින් මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කලේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇමරිකාවේ පදිංචි පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් නොකිරීම නිසා ඉතා අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ විදේශගත වීමට ඔහුට නොහැකි වී ඇති බවත් විශිෂ්ට රාජ්‍ය සේවකයකුට එලෙස බාධා කිරීම ඉතා අසාධාරණ බවත් කියමින් නීතිඥ මල්දිනි හේරත් හා නීතිඥ ෂෙනාල් විජේසිංහ සමග පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, ලබන මස 5 වැනිදා සිට ජූලි මස 5 වැනිදා දක්වා කාලය සඳහා විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද නියෝග කලේය.

සබැඳි පුවත්

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved