හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ඊයේ (29) කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කලේය.
ශ්‍රී ලංකා රජයට අයත් මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් අහිමි කිරීම සම්බන්ධ නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
ඒ අනුව, ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජුනි මස 07 වනදා සිට ජූලි මස 07වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට ඒ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අවසර ලබා දීම සිදුවිය.
එංගලන්තයේ සිදු කිරීමට නියමිත හෘද රෝග පරීක්ෂාවක් සඳහා මෙලෙස අවසර ලබා දුනි.
අජිත් නිවාඩ් කබ්රාල් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර නැති බව කියමින් විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් මෙහිදී ඉල්ලීමක් කලේය.
කෙසේවෙතත්, සැකකරුවෙක් ලෙස නම් කර නැතත් සිදු කරන විමර්ශනවලට බාධා විය හැකි බව පවසමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
විමර්ශන අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙක් ලෙස නම් කළ හැකි බවත් විදේශ ගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බවත් කියමින් මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කලේය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇමරිකාවේ පදිංචි පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් නොකිරීම නිසා ඉතා අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ විදේශගත වීමට ඔහුට නොහැකි වී ඇති බවත් විශිෂ්ට රාජ්‍ය සේවකයකුට එලෙස බාධා කිරීම ඉතා අසාධාරණ බවත් කියමින් නීතිඥ මල්දිනි හේරත් හා නීතිඥ ෂෙනාල් විජේසිංහ සමග පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, ලබන මස 5 වැනිදා සිට ජූලි මස 5 වැනිදා දක්වා කාලය සඳහා විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද නියෝග කලේය.
සබැඳි පුවත්