පුවත්

කරාපිටියේ දොස්තරට ඇප 

Published

on

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැර තිබේ.

පසුගිය 16 වැනිදා සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අතරතුර එහි කනිෂ්ඨ සේවිකාවකට පහර දුන් බවට වූ චෝදනා මත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කෙසේ වෙතත් ඇතිවූ හෘදයාබාධයක් මත වෛද්‍යවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අධිකරණය අවසර ලබා දුන් අතර අද ඔහු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටය.

සබැඳි පුවත් :

Trending

Exit mobile version