කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඊයේ (30) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
ඔහු මේ වනවිට පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරු අවුරුදු 40ක් වූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාලකරු කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එම කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු විසින් බෝර 12 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි වාර්තා වේ.