මේ වනවිට පුරප්පාඩුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.
ඒ, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහාය.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
සබැඳි පුවත් :
තලතා වෙනුවට පාර්ලිමේන්තු එන මන්ත්‍රී?