Connect with us

පුවත්

කලින් වගේම ඉස්සරහටත් චීනය එක්ක ළඟින් කටයුතු කරනවා – හරිනි (වීඩියෝ)

Published

on

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි – හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ අතීතයේ මෙන්ම ඉදිරියටත් චීනය හා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබුණි.

“අපි අතීතයේත් චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළා. ඉදිරියටත් එසේම කරනවා. අතීතයේදී වගේම ඉදිරියටත් චීනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි  ඇය පැවසුවාය.

සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 23 වැනිදා කොළඹදී දිවුරුම් දුන්නේය.

මේ අතර, ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව දිසානායක මහතා වෙත  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ද සුභාශිංෂන පණිවිඩයක් යොමුකර තිබුණි.

තවද, සැප්තැම්බර් 23 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක – ලින් ජියැන් (Lin Jian) මහතාද පවසා තිබුණේ දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් දෙරටේ සංවර්ධන උපාය මාර්ග ශක්තිමත් කිරීමටත් දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ලක් රජය හා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

(CCTV+)

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved