පුවත්

කවුරු වෘත්තිය සමිති අහෝසි කරත්, අපි කරන්නේ නැහැ – ස්ටාලින්

Published

on

වෘත්තිය සමිති අහෝසි කරනවා කියන අයට ඔවුන්ගේ වෘත්තිය සමිති අහෝසි කරගැනීමට හැකියාව ඇති නමුත්, අනෙක් වෘත්තිය සමිති කිසිවක් අහෝසි නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

මේ වන තෙක් මෙරට ජනතාව දිනාගෙන ඇති සියල්ල දිනා දී ඇත්තේ වෘත්තිය සමිතිවල මැදිහත්වීමෙන් බවද ඔහු කියා සිටියේය.

මේ සම්න්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

‘‘කවුරු හරි කියනවනම් වෘත්තිය සමිති අහෝසි කරනවා කියලා අපිට කිසි අවුලක් නැහැ. ඒ කියන අයට ඔවුන්ගේ වෘත්තිය සමිති අහෝසි කරගන්න පුළුවන් අපි නම් කරන්නේ නැහැ. මේ රටේ වෘත්තිය සමිති කවදාවත් අහෝසි වෙන්නේ නැහැ. ජවිපෙ වෘත්තිය සමිති ද ඇතුළත්ව තමයි පසුගිය කාලේ අපි ගුරු සටන් කළේ. දැවැන්ත උද්ඝෝෂණයක් කරලා අපි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් ආණ්ඩුවට බලපෑමක් කළා. මේ හැමදේටම හයියට හිටියේ වෘත්තිය සමිති.’’

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version