පුවත්

ක්‍රිකට් තරගයක් නිසා ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නවතියි

Published

on

පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ.

ලාහෝර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ තරගයක් පැවැත්වීමට මෙම පියවර ගෙන ඇතැයි එරට ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙකු පවසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබූ ගඩාෆි ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ ඛාන් මහතා ගේ නිවසට කි.මී. 10ක පමණ දුරකින් වන අතර, මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හේතුවෙන් ඇතිවී තිබෙන මාර්ග අවහිරතා මගහරවා ගැනීමට එම තීරණය ගෙන ඇත.

මේ අතර, ඛාන් මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හෙට එරට වේලාවෙන් පෙ.ව. 10.00 දක්වා නවතන ලෙස ලාහෝර් මහාධිකරණයද පොලිසියට නියෝග කර තිබේ.

(මූලාශ්‍රය : අල් ජසීරා)

Trending

Exit mobile version