පුවත්

කාන්තාවක් ආයුධයකින් පහරදී ඝාතනය කරයි

Published

on

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අද (07) අළුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබේ.

පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මරණකාරිය වයස අවුරුදු 32ක් වයසැති කාන්තාවකි.

ඇයගේ ස්ථීර පදිංචි ලිපිනය මෙතෙක් අනාවරණ වී නැත.

මරණකාරිය සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Trending

Exit mobile version