රජය මඟින් ලිඛිතව දැනුම්දීමක් සිදුකරන තෙක් නොසිට අවශ්‍ය නම් නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
“මේ තියෙන්නේ 1886 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත, මේ පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට පාර්ලිමේන්තු ගණනාවක් නියෝජනය කළා මේ පනත් ක්‍රියාත්මක කරපු, ලංකාවේ ජනාධිපතිවරයා විදියට හිටියා හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුගේ හෝ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක අවස්ථාවට උචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ හිමි විය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුව ගෙවිය යුතුයි පනතේ තියෙනවා.
මං හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ.”