කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යකඩ කූරකින් පරහදීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (01) අලුයම් කාලයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මේ පහරදීම සිදුකළ අදාළ අය ඝාතනය කර තිබේ.
වයස අවුරුදු 26ක් වන කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කුමාර් සුරේෂ් නමැති තරුණයෙකු එලෙස මියගොස් ඇති බව පොලිසිය කියා සිටී.
තුවාල ලැබු තරුණයා ප්‍රදේශවාසීන් එක්ව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරයි.
පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිළිනොච්චිය මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත.
පෞද්ගලික ආරවුලක් මත අදාළ පහරදීම සිදුකර ඇතැයි පොලීසිය සැක පළ කරයි.