මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ඇප මත මුදා හැර තිබේ.
මෙලෙස ඇප මත මුදා හැරියේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ විශ්‍රාමික සෙබළෙකි
සැකකාර සෙබලා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය හමුවට අද (03) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කලේය.
2008 වර්ෂයේ මැයි මස 22 වන දින දෙහිවල වෛද්‍ය පාරේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව පසුගිය දා තවත් යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ද ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කලේය.