මෙම වසරේ සහ එළඹෙන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (30) මාතර පැවති ”එක්ව ජයගමු” ජන රැලියට එක්වූ අවස්ථාවේදීය.
කෙසේනමුත් ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නම් හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් නොමැති බවත් ජනාධිපතිවරා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ කුණාටුවකට මුහුණ දුන් ශ්‍රී ලංකාව නමැති නෞකාව තමන් මේ වන විට සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් ඇති බවත් එය පැන ගිය කපිතාන්වරයකුට යළි බාරදෙන්නේ ? නැත්නම් මේ ආකාරයට ඉදිරියට රැගෙන යන්නේ ද ? යන්න තමා ජනතාවගෙන් විමසා සිටින බවයි.
”එක්ව ජයගමු” මැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය සහතික කෙරෙන ජන හමුව පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවට සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගෙත්, තවත් පාර්ශ්ව කිහිපයකත් එකතුවෙනි.
එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට හිමිවිය යුතු බවයි.