Connect with us

පුවත්

කුනාටුවකට මුහුණදුන් ලංකාව නම් නැව තමා ගොඩබිමට ගෙනා බැව් ජනපති කියයි

Published

on

මෙම වසරේ සහ එළඹෙන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) මාතර පැවති ”එක්ව ජයගමු” ජන රැලියට එක්වූ අවස්ථාවේදීය.

කෙසේනමුත් ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නම් හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් නොමැති බවත් ජනාධිපතිවරා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ කුණාටුවකට මුහුණ දුන් ශ්‍රී ලංකාව නමැති නෞකාව තමන් මේ වන විට සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් ඇති බවත් එය පැන ගිය කපිතාන්වරයකුට යළි බාරදෙන්නේ ? නැත්නම් මේ ආකාරයට ඉදිරියට රැගෙන යන්නේ ද ? යන්න තමා ජනතාවගෙන් විමසා සිටින බවයි.

”එක්ව ජයගමු” මැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය සහතික කෙරෙන ජන හමුව පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවට සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගෙත්, තවත් පාර්ශ්ව කිහිපයකත් එකතුවෙනි.

එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට හිමිවිය යුතු බවයි.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved