Connect with us

පුවත්

කෘත්‍රිම බුද්ධි යෙදවුමක් (AI App) නිර්මාණයට රේගු නිලධාරීන්ට උපදෙස්

Published

on

පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පසුගිය බදාදා (05) එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහි පළමු සැසියේ දී සාකච්ඡාවට බඳුන් වූයේ ජාත්‍යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිස් සැකසීම (mis-invoicing), ශ්‍රී ලංකා රේගුවේ විවිධ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බදු වියදම් ප්‍රකාශය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙනි.

මෙම සාකච්ඡාව සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබිණ.

ශ්‍රී ලංකා රේගුව මෙහිදී පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර වෙළඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම (mis-invoicing) වැලැක්වීම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නි‍ර්දේශ අනුව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකා රේගුව 2023 වසරේ දී වෙනත් වසරවලට සාපේක්ෂව රුපියල් බිලියන 15 ක පමණ ආදායමක් උපයා ගෙන ඇති බවය.

එමෙන්ම 2024 වසරේ මේ වන විට ද සැළකිය යුතු ආදායමක් එකතු කර ගැනීමට හැකි වී තිබේ.

විශේෂයෙන්ම වැරදි ඉන්වොයිස්කරණය (mis-invoicing) නිසා රටට අහිමිවෙන ධනය යළි ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් මින් පෙර යෝජනා කෙරුණු අතර, Global Financial Integrity Report හී නිරීක්ෂණවලට අනුව ජාත්‍යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක පමණ මුදල් කාන්දු වීමක් සිදුවන බව සභාපතිවරයා මෙහිදී නැවත මතක් කර දුන්නේය.

වැරදි ලෙස ඉන්වොයිසිකරණයේ මූලික අංග තුන වන අගය අඩු කොට ඉන්වොයිසිකරණය (Under invoicing), අගය වැඩි කොට ඉන්වොයිසිකරණය (Over Invoicing) සහ භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදු නොකොට සිදුකෙරෙන ඉන්වොයිසිකරණය (Ghost Invoicing) මෙහිදී

සාකච්ඡාවට ලක් වූ අතර, භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදු නොකොට සිදුකෙරෙන ඉන්වොයිසිකරණය (Ghost Invoicing) මගින් අත්තිකාරම් මුදල් ගෙවීමක් බැංකුව හරහා සිදු කිරීමේ දී භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදුවන වන්නේද යන්න සොයා බලන ලෙස බැංකුවලට මුදල් අමාත්‍යාංශය හරහා නියෝගයක් ලබා දීමේ වැදගත්කම මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදු නොකොට සිදුකෙරෙන ඉන්වොයිසිකරණය (Ghost Invoicing) වැලැක්වීම සඳහා බැංකු ගෙවීම් පද්ධතිය හා ශ්‍රී ලංකා රේගුවේ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයන පාර්ශවකරුවන් සමග ඉන්‍වොයිසි දත්ත හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණයක් හා එම දත්ත ශ්‍රී ලංකා රේගුවට ලබා ගත හැකි පරිදි යාන්ත්‍රණයක් මුදල් අමාත්‍යාංශය මගින් සැකසීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණ.

එමෙන්ම, ආදායම් බදු අයකර ගැනීම සදහා එම දත්ත දේශීය ආදායම්දෙපාර්තමේන්තුව සමග හුවමාරු කර ගත යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ආනයන අපනයනයේ භෞතික විමර්ශනය සහ පරිලෝකන (scanning) ක්‍රියාවලිය සඳහා කෘතිම බුද්ධිය (AI) APP එකක් නිර්මාණය කොට ස්වයංක්‍රීය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ. ඒ සඳහා දේශීය මෘදුකාංග සංවර්ධකයින්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙස ද, ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලෙස ද සභාපති රණවක මහතා උපදෙස් දුන්නේය.

රේගු නිලධාරීන් සඳහා ඇගයීම් ක්‍රියාවලිය සඳහා වෙනම ඒකකයක් ආරම්භ කොට Balance Score Card ක්‍රමය භාවිතා කරන ලෙසද, ඒ වෙනුවෙන් වන උපදේශන සේවාවක් ලබා ගන්නා ලෙස ද, රේගුව වෙත උපදෙස් දීමට සභාපතිවරයා කටයුතු කළේය. විකුණුම් ආදායම් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් සැකසීම සඳහා ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ලෙස UPI පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස ද, ඉන්දියාවේ මෙවැනි පද්ධතියක් මගින් ආදායම තුන්ගුණයක් වූ බවට ද රේගු නිලධාරීන් වෙත රණවක මහතා විසින් පෙන්වා දෙන ලදී.

මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය විශාල වශයෙන් ම සිදුවන්නේ කැසිනෝ ව්‍යාපාරය හරහා බව පෙන්වා දුන් සභාපතිවරයා බැංකු ගිණුම් මගින් කැසිනෝ ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මගින් එම ගනු‍දෙනු හදුනා ගැනීමේ පද්ධතියක් (tracking system) සකස් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved