පුවත්

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පත් කරයි

Published

on

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවයේ නියුතු කේ.එන්.එස්. රණතුංග මහත්මිය 2025-01-21 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතය.

එබැවින් අද සිට පුරප්පාඩු වන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නව නිලධාරියෙකු පත් කළ යුතුය.

එම තනතුර සඳහා දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න මහත්මිය පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Trending

Exit mobile version