කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.